Sorry, you need to enable JavaScript to visit this website.

ප්‍රතිලාභ

සෑම මසකම ආකර්ශනීය ත්‍යාග දිනාගැනීමේ අවස්ථාව

ලියාපදිංචි වන්න

Nestlé Family Club නිර්මාණය කර ඇත්තේ සෑම ශ්‍රී ලාංකිකයෙකුගේම ජීවන තත්වය නංවාලීම සඳහා ය. ඔබගේ මුළු පවුලගේම පෝෂණය, යෝග්‍යතාවය සහ සතුට වැඩි කිරීමට උපකාරී වන ප්‍රයෝජනවත් ඉඟි අප සතුව ඇත. අපගේ ලිපි, වීඩියෝ සහ වට්ටෝරු ඔබට සහ ඔබේ පවුලේ එදිනෙදා ජීවිතයට සෞඛ්‍යය සම්පන්න පුරුදු ඇතුළත් කිරීමට උපකාරී වේ. ඉතින්, ඉදිරියට ගොස් අද අපගේ පවුලේ සමාජ ශාලාවට බැඳී සෞඛ්‍යය සම්පන්නව සිටීම සඳහා ත්‍යාග ලබා ගන්න!

නියම සහ කොන්දේසි

ප්‍රසාද ලකුණු හිමිකර ගන්නා ආකාරය :-

ලියාපදිංචිවීමේදී නෙස්ලේ පවුලට ඔබව සාදරයෙන් පිළිගනිමින් ප්‍රසාද ලකුණු 500 ක් ලබාදීම සිදුවනවා.

Nestlé Family Club වෙත ඔබ සම්බන්ධ කරන සෑම අයෙකු වෙනුවෙන්ම ඔබට ප්‍රසාද ලකුණු 300 බැගින් හිමිවනු ඇත.

Nestlé Family Club සටහන් සමාජ මාධ්‍යවල ඔබ විසින් ෂෙයාර් කරන සෑම වාරයකදීම ප්‍රසාද ලකුණු 100ක් ඔබට ලැබෙනු ඇත.

ඔබ වෙනුවෙන් අපේ ආදරය

ප්‍රසාද ලකුණු 1000 කට වඩා දිනාගන්න සෑම සාමාජිකයෙක්ටම නෙස්ලේ හැම්පර් එකක් දිනාගැනීමට අවස්ථාව හිම්වේ. මේ සඳහා මාසිකව වාසනාවන්ත ජයග්‍රාහකයන් 10කු තෝරාගනු ලැබේ.

කොන්දේසි සහ සැලකිය යුතු කරුණු:

මෙම ප්‍රසාද ලකුණු හෝ ත්‍යාාග හුවමාරු කරගත නොහැකි අතර, ප්‍රසාද ලකුණු වෙනුවට මුදල් ලබා ගත නොහැකිය.

මෙම වැඩසටහනට සහභාගී වීම අනිවාර්ය නොවන අතර, තම කැමැත්ත මත පමණක් ඊට එක්විය හැක.

ජයග්‍රහණය කිරීමට සුදුසුකම් ලැබීමට, සහභාගිවන්නන් නෙස්ලේ ෆැමිලි ක්ලබ්හි සාමාජිකයෙකු විය යුතු අතර අවම වශයෙන් ලකුණු 1000ක් උපයා ගත යුතුය.

පෙර දැනුම්දීමකින් තොරව මෙම ප්‍රසාද ලකුණු පිරිනැමීමේ වැඩසටහන සම්පූර්ණ වශයෙන් හෝ කොටස් වශයෙන් වෙනස් කිරීම හෝ නවතා දැමීමේ සම්පූර්ණ අයිතිය නෙස්ලේ සතුය.

ත්‍යාග ලබාගැනීම පිළිබඳ මතුවන ඕනෑම ගැටලුවක් සහ සහ ඒ පිළිබඳ ඕනෑම පැමිණිල්ලක් නෙස්ලේ ලංකා පාරිභෝගික සේවා ක්ෂණික ඇමතුම් සේවාව ((0094)0114724724) වෙත යොමු කළ යුතු ය.

කෙසේ වුවද, ත්‍යාගලාභීන් අතින් සිදුවන අතපසුවීම් හෝ ප්‍රමාදදෝෂ ආදියට නෙස්ලේ වගකීම් නොදරයි.

ත්‍යාග ලබාගන්නා ආකාරය සහ කාලය ජයග්‍රාහකයින්ට දැනුම් දෙනු ලැබේ.

a) ජයග්‍රාහකයින් තෝරාගැනීම අහඹු ලෙස සිදු කෙරේ. ජයග්‍රාහකයින් තෝරාගැනීම සම්බන්ධව නෙස්ලේහි තීරණය අවසන් තීරණය වන අතර, ඒ පිළිබඳ කිසිදු බලපෑමක් කිරීමට හෝ සාකච්ඡා කිරීමක් සඳහා ඉඩ නොමැත.

b) ජයග්‍රාහකයින්ට නෙස්ලේ මගින් තීරණය කරනු ලබන ත්‍යාග පිරිනැමේ.

c) ත්‍යාග පිරිනැමීමේදී නෙස්ලේ මගින් ජයග්‍රාහකයින්ගේ අනන්‍යතාව පරීක්ෂා කරනු ලබයි. එහිදී ජයග්‍රාහකයින්ගේ අනන්‍යතාව පරීක්ෂා කිරීමට සරල විගණන ප්‍රමිතීන් නෙස්ලේ භාවිත කරනු ඇත. යම් හෙයකින්, ජයග්‍රාහකයෙකුගේ අනන්‍යතාව සම්බන්ධයෙන් ගැටලුවක් පැන නඟින ඕනෑම අවස්ථාවකදී අදාළ ජයග්‍රාහකයාට/ සහභාගී වූ පුද්ගලයාට හිමි ත්‍යාගය අවලංගු කිරීමේ බලය නෙස්ලේ සතු ය. එසේ ජයග්‍රාහකයෙකුගේ අනන්‍යතාව අභ්‍යන්තරව වලංගු කරගත නොහැකි අවස්ථාක හෝ, ජයග්‍රාහකයෙකු සම්බන්ධ කරගැනීමට නොහැකි අවස්ථාවක හෝ යම් හේතුවක් මත ජයග්‍රාහකයෙකුට ත්‍යාගය ලබාගැනීමට නොහැකි අවස්ථාවකදී, මුල් ජයග්‍රාහකයා දැනුවත් කිරීමකින් තොරව තරගයට සහභාගී වූ වෙනත් අයෙකු ජයග්‍රාහකයෙකු ලෙස නම් කිරීමේ අයිතිය නෙස්ලේ සතු වේ.

d) යම් හෙයකින් තරගයට සහභාගී වූ තැනැත්තෙකු ජයග්‍රාහකයෙකු ලෙස දැනුම් දීමක්, ප්‍රකාශයට පත්කිරීමක් සිදු නොවුණහොත් අදාළ පුද්ගලයාගේ නම තෝරාගැනීමේ ක්‍රියාවලිය හරහා ඉදිරියට ගොස් නොමැති බවත්, ජයග්‍රාහකයෙකු නොවන බවත් අදහස් කෙරේ.

e) ත්‍යාග වෙනත් අයෙකුට පැවරීම කළ නොහැක.

f) මෙම වැඩසටහනට සහභාගී වීම හරහා, සහභාගීවන්නන්ගේ නම, ඡායාරූපය, හඬ, ලියාපදිංචිවීම ඇතුළු වෙනත් තොරතුරු ප්‍රසිද්ධියට පත්කිරීම, සංස්කරණය, ඉදිරිපත් කිරීම්, සන්නාම අධ්‍යයනය, වෙළෙඳපොළ පර්යේෂණ, දැන්වීම්කරණ සහ/ හෝ වෙළෙඳ කටයුතු සඳහා ඉදිරි අනුමැතියකින්, අවසරයකින්, ගෙවීමකින් හෝ දැනුම්දීමකින් තොරව අවශ්‍ය ඕනෑම කාලයක් සඳහා භාවිතයට ගැනීමේ බලය නෙස්ලේ වෙත හිමි වේ.

g) වැඩසටහනට සහභාගීවන්නන් යොදාගෙන කරනු ලබන කිසිදු ක්‍රියාවක් සඳහා දීමනා ලබාදීමට නෙස්ලේ බැඳී නොමැත.

h) කිසිදු හේතුවක් දැනුම්දීමකින් තොරව ඕනෑම ලියාපදිංචියක් ප්‍රතික්ෂේප කිරීමට, ඉවත් කිරීමට නෙස්ලේ සතුව බලය පවතී. එසේ ප්‍රතික්ෂේප කිරීමක් හෝ ඉවත් කිරීමක් සම්බන්ධයෙන් නෙස්ලේහි තීරණය අවසාන තීරණය වන අතර, ඒ පිළිබඳව එල්ලවන කිසිදු විරුද්ධත්වයක් හෝ අභියෝගයක් සඳහා නෙස්ලේ බැඳී නොමැත.

m) අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී කිසිදු පෙර දැනුම්දීමකින් තොරව, මෙම වැඩසටහන සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් හෝ අවලංගු කිරීමට, වෙනස් කිරීමට, කල්දැමීමට, සංශෝධනය කිරීමට හෝ, වැඩසටහනට අදාළ කොන්දේසි සහ නියමයන් ඕනෑම සංඛ්‍යාවක් හෝ සියල්ලම වෙනස් කිරීමට නෙස්ලේ සතුව බලය ඇති අතර, ඒ මගින් සිදුවන කිසිදු පාඩුවකට හෝ හානියකට නෙස්ලේ වග කියනු නොලබයි. ඒ පිළිබඳව ද, පොදුවේ මෙම වැඩසටහන සම්බන්ධයෙන් සහ එහි කොන්දේසි හා නියමයන් පිළිබඳව ද නෙස්ලේ ගනු ලබන තීරණ, අවසාන තීරණ වන අතර, කිසිදු බැඳියාවකට යටත් නොවේ.

n) සිය පාලනයට යටත් නොවන දෑ, රජයේ ක්‍රියාකාරකම් හෝ වෙනත් නොවැළැක්විය හැකි හේතුවක් නිසා සිදුවන පාඩු හෝ හානි සඳහා වන්දි ගෙවීමට හෝ වෙනත් පිරිවැයක් දැරීමට නෙස්ලේ බැඳී නොමැත.

ජයග්‍රාහකයෙකු නම් කිරීමේ සිට සති දෙකක් ඇතුළත, ජයග්‍රාහකයෙකු තම විස්තර ලබා නුදුන් අවස්ථාවකදී අදාළ ජයග්‍රාහකයාට හිමි ත්‍යාගය අවලංගු වේ.

වැඩසටහනට සහභාගී වන පුද්ගලයෙකු වැඩසටහන සහ/හෝ කොන්දේසි සහ නියමයන් පිළිබඳව තෘප්තිමත් නොවන අවස්ථාවකදී වැඩසටහනට සහභාගී නොවී සිටීමේ පූර්ණ සහ තනි අයිතිය එම තැනැත්තා/ තැනැත්තිය සතු වේ.

Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි