භාජනයක් මද තාපයෙන් රත් කර තෙල් එකතු කරන්න. සුදුළූණු, ඉඟුරු, ළූණු, කැරට් සහ සැල්දිරි තෙම්පරාදු කරන්න.
ළූණු විනිවිද පෙනුමක් ලැබෙනතුරු බදින්න.
බේ ලීව්ස්, කරාබු නැටි, ස්ටා අනීස්, ගම්මිරිස් ඇට, නැවුම් තයිම් කොළ එකතු කරන්න, හොඳින් මිශ්‍ර කරන්න.
සීසනින් කියුබ් එක එකතු කර සියලුම දේවල් හොඳින් මුසුවිම සඳහා කලවම් කරන්න.
චිකන් බ්‍රෙස්ට් එකතු කරන්න, වතුර එකතු කර තැම්බෙන්නට හරින්න.
මිනිත්තු 45 - 60 ක් (කැරට් මෘදු වනතුරු සහ චිකන් සම්පූර්ණයෙන් ම තැම්බෙන තෙක්) මද රස්නයෙන් තම්බන්න
ස්ටොක් වතුර ප්‍රමාණය බොහෝ අඩු වී ඇත්නම්, වතුර කෝප්ප 1/2 ක් සුප් එකට එකතු කරන්න
තාපයෙන් ඉවත් කරන්න. සුප් එකෙන් චිකන් ඉවත් කර මස් කැබලි තීරු ලෙස වෙන් කරන්න (කටු ඉවත් කරන්න)
අවශ්‍ය නම් රස අනුව කුළුබඩු එකතු කරන්න
නූඩ්ල්ස් තම්බන්න. අමතර ජලය ඉවත් කිරීම සඳහා නූඩ්ල්ස් පෙරා හොඳින් සෝදන්න
චිකන් සමග සුප් සහ නූඩ්ල්ස් එකතු කර හොඳින් කලවම් කරන්න
සිහින් ව කපාගත් පාස්ලි ඉසින්න
ඉක්මනින් පිළිගන්වන්න
කැලරි 435Kcal
කාබෝහයිඩ්‍රේට 49g
ප්‍රෝටීන් 14g
මේදය 18g
සංතෘප්ත මේදය 6g
සෝඩියම් 653mg
තන්තු 4g
කැල්සියම් 291mg
යකඩ 1mg
Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි