පෑන් එකට තෙල් දමා රත් කරන්න. කුකුලු මස් එයට දමා තරමක් බැදගන්න. ඊට ළුෑණු සුදු ළුෑණු මිරිස තයිම් එක්කර හොඳින් මිශ්ර කරන්න.
ඊට බෙල් පෙපර් ලීක්ස් සැල්දිරි කැරට් එක්කර නැවත හොඳින් මිශ්ර කරන්න. දැන් තක්කාලි තක්කාලි පේස්ට් එක් කර හොඳින් මිශ්ර කරන්න.
හකුරු ඊට දමා සියල්ල සමග හොඳින් මිශ්ර කරන්න. මැගී චිකන් ස්ටොක් දමා හොඳින් මිශ්ර කරන්න. පාස්ලි දමා මිශ්රණය සරසාගන්න. හෙමින් හැඳි ගාන්න.
සෝස් එක උකු වන තුරු පිසගෙන ලිපෙන් බා ගන්න. බටර් පෑන් එකකට දමා රත්කරගන්න. ඊට පිටි එකතු කර හොඳින් හැඳි ගාන්න. ඊට නෙස්ලේ a + fresh milk එකතු කර හොඳින් හැඳි ගාන්න.
ලුණු ගම්මිරිස් එක් කර හොඳින් මිශ්ර කරන්න. සාදික්කා ග්රේට් කරගෙන ඊට එක් කරන්න. පාමසන් තරමක් ඊට ඉසින්න.
අතින් ගත හැකි ප්රමාණයේ මොසරැල්ලා චීස් ඊට එක් කර සියල්ල හොඳින් කවලම් කරගන්න. ලිපෙන බා ගන්න.
චීස් සෝස් සහ චිකන් මිශ්රණය එකට එක් කර සැහැල්ලු භාජනයකට දමන්න.
ලුණු වතුර භාජනයක් රත්කර එහි ලසඤ්ඤා සීට් යන්තම් තම්බන්න පැතලි පිඟානක් ගෙන එහි ලසඤ්ඥා දමා ගන්න.
සෝස් ලේයරයක් එම බදුනෙහි පතුලට දමන්න. ඉන් පසු එය ලසඤ්ඤා ලේයරයකින් ආවරණය කරන්න.
ඒ මත තවත් සෝස් ලේයරයක් දමන්න මොසරැල්ලා චීස් සහ පාමසන් චීස් ඒ මත ඉසින්න.
ඒ මත නැවත ලසඤ්ඤා අතුරන්න. නැවත සෝස් ඒ මත දමන්න.
අවසානයේ සියල්ල උඩින් මොසරැල්ලා චීස් සහ පාමසන් චීස් ඒ මත ඉසින්න.
අංශක 180කට පමණ අවන් එකකට දමා රත් කරගන්න. චීස් මෘදු වන හා රන්වන් පැහැ වන තුරු බේක් කර ගන්න.
Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි