Sorry, you need to enable JavaScript to visit this website.

පීසා ටෝස්ට්

ingredients icon අවශ්‍ය ද්‍රව්‍ය

  • මොසරැල්ලා චීස් කෝප්ප 1 1/2
  • තුනී පාන් පෙති 6
  • තක්කාලි ග්‍රෑම් 200 ( කෑලි කපාගත්)
  • සොසේජස් ග්‍රෑම් 140 (පෙති කපා ගත්)
  • සුදු ළුෑණු බික් 2 ( ලියාගත්)
  • ගම්මිරිස්
  • ලුණු
  • ඔලිව් ඔයිල් තේ හැඳි 1
  • පීසා සෝස්, කෑලි මිරිස්

ingredients icon සාදාගන්නා ආකාරය

1 පියවර

තෙල් රත් කර ගන්න. ඊට සුදු ළුෑණු එක් කර මෘදු වන තෙක් පිස ගන්න. තක්කාලි එකතු කර, සුදු ළුෑණු සමඟ හොඳින් මිශ්‍ර කර ගන්න

2 පියවර

ඊට පීසා සෝස්, කෑලි මිරිස්, මැගී චිකන් සීසනිං කියුබ්, ලුණු, ගම්මිරිස් එක් කර හොඳින් මිශ්‍ර කරන්න. ඊට බාසිල් කොළ එක් කර හොඳින් මිශ්‍ර කර පසෙකින් තබන්න

3 පියවර

පාන් ටෝස්ට් කර ගන්න. සෝස් එක ගෙන පාන් පෙති මත තවරන්න. ඒ මත මොසරැල්ල චීස් යොදා සරසා ගන්න. ඉහළින් සොසේජස් පෙති තබන්න. අංශක 180 ක උෂ්ණත්වයක් යටතේ විනාඩි 8ක් 10ක් බේක් කර ගන්න

අවසන්

ingredients iconපෝෂණ තොරතුරු

එක් අයෙක් සඳහා ග්‍රෑම් 358

කැලරි 663 Kcal

ප්‍රෝටීන් 35g

මේද 25g

කාබෝහයිඩ්‍රේට් 82g

විටමින් A 234mcg

Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි