දවසකට පෙර බත් පිසගෙන ශීතකරණයේ තබන්න, නැතහොත් පිසගත් බත් විශාල තැටියක දමා සම්පූර්ණයෙන් ම සිසිල් කරන්න.
වැඩි උණුසුමකින් Wok එක රත් කරන්න. තෙල් මේස හැඳි 1k එකතු කර බිත්තර ස්ක්‍රැම්බල් කරන්න. ලුණු ස්වල්පයක් එකතු කර කලවම් කර, පසුව භාවිතා කිරීමට පසෙකින් තබන්න.
Wok එක පිස දමා නැවත වැඩි උණුසුමකින් රත් කරන්න. ඉතිරි තෙල් ටික එකතු කරන්න.
සුදුළූනු, එළවළු, ලුණු සහ සෝයා සෝස් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
Maggi සීසනිං කියුබ් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
ස්ක්‍රැම්බල් කළ බිත්තර එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. රස අනුව ගම්මිරිස් එකතු කරන්න.
පිසගත් බත් සහ ළූනු කොළ එකතු කරන්න. වරක් කලවම් කර ලිපෙන් ඉවත් කරන්න.
රස අනුව කුළුබඩු එකතු කරන්න. (රස අනුව අවශ්‍ය නම් පමණක් ලුණු එකතු කරන්න)
තල තෙල් මදක් ඉස නැවත වරක් කලවම් කරන්න.
චිලි පේස්ට් හෝ stir fried dish එකක් සමග උණුසුම් ව පිළිගන්වන්න.
Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි