සෝදාගත් සහල්, වතුර කෝප්ප 1/2ක තම්බා, පසෙකින් තබන්න
මැගී නියම පිටි කළ පොල් කිරි මේස හැඳි 4ක්, ජලය 300mlකට දිය කර උකු පොල් කිරි සාදාගෙන, පසෙකින් තබන්න.
කොළ, සුදුළූණු, ළූණු සහ ජලය බ්ලෙන්ඩරයකට / food processor එකකට දමා බ්ලෙන්ඩ් කරන්න
සිහින් දැල් සහිත පෙරනයකට මිශ්‍රණය වත් කර තන්තු වලින් යුෂ මිරිකන්න, තන්තු ඉවතලන්න
පෙරන ලද යුෂ, තැම්බූ සහල් සහ පොල් කිරි භාජනයකට වත් කර, මද ගින්නෙන් ලිපේ තබන්න
තැම්බෙනතුරු හොඳින් කලවම් කර ලිපෙන් බාගන්න (අවර්ණ වන බැවින් අධික ලෙස රත් නොකරන්න).
හකුරු කෑල්ලක් සමග උණුසුම්ව පිළිගන්වන්න
කැලරි 205Kcal
කාබෝහයිඩ්රේට 33g
ප්‍රෝටීන් 4g
මේදය 5g
සංතෘප්ත මේදය 4g
තන්තු 0.3g
සෝඩියම් 1252mg
යකඩ 2.1mg
කැල්සියම් 160mg
Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි