ජලය උරා ගන්නා බැවින් හබල පෙති ඉක්මනින් සෝදා ගන්න
ඒවා පෙරනයක් තුළට දමා මෘදු වනතුරු පසෙකින් තබන්න (ආසන්න වශයෙන් විනාඩි 15ක්)
පෑන් එකක් ලිපේ තබා තෙල් රත් කර, රටකජු තරමක් අඳුරු පැහැ වනතුරු බදින්න
තෙල් හැන්දකින් රටකජු ඉවත් කර පසෙකින් තබන්න
අලුත් පෑන් එකක් ගෙන එයට පොල් තෙල් මේස හැඳි ½, ළූනු, සුදුළූනු , අමු මිරිස්, කරපිංචා, අබ සහ සූදුරු එකතු කරන්න
ළූනුවලට විනිවිද පෙනුමක් ලැබෙනතුරු බදින්න
කපාගත් බෝංචි එකතු කර හොඳින් කලවම් කරන්න
ඔබට තද කහ පාටක් සහ හොඳින් කහ රසය අවශ්‍ය නම් රස මුසු පැකට්ටුව සහ කහ එකතු කරන්න. එය හොඳින් මිශ්‍ර වනතුරු කලවම් කරන්න
හබල පෙති එකතු කරන්න, මිශ්‍ර කර පෑන් එක වහන්න. ලිපේ තාපය අඩු කරන්න
හබල පෙති රත් වූ පසු කලවම් කරන්න. එය ඉතා වියළි ගතියකින් යුතු නම්, වතුර ටිකක් ඉස වාෂ්ප වනතුරු වසා තබන්න
ලිපෙන් බාගන්න - හබල පෙති මෘදු හා උණුසුම් ගතියකින් තිබිය යුතුය
අවශ්‍ය නම් රස අනුව කුළුබඩු එකතු කරන්න
කැමති නම් - ලෙමන් යුෂ එකතු කරන්න
කොත්තමල්ලි කොළ සහ රටකජු වලින් සරසන්න
උණුසුම් ව පිළිගන්වන්න
කැමති නම් - නැවුම් පොල් සමග පිළිගැන්විය හැකිය
කැලරි 538Kcal
කාබෝහයිඩ්රේට 91g
ප්‍රෝටීන් 13g
මේදය 14g
සංතෘප්ත මේදය 6g
සෝඩියම් 879mg
යකඩ 10mg
කැල්සියම් 65mg
තන්තු 4.5g
Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි