තෙල් මේස හැන්දක් පෑන් එකට දමා රත්කරගන්න. ඊට ඉඟුරු, සුදු ලූණු, ලූණු එක්තු කරන්න. ඊට තක්කාලි සහ සිහින්ව කපාගත් මිරිස් එකතු කරන්න.
වතුර මේස හැන්දක්ද එක් කරන්න. ලිපෙන් බා ගැනීමට පෙර හොඳින් ම්ශ්‍ර කරන්න. තවත් තෙල් මේස හැන්දක් පෑන් එකකට දමා රත් කරන්න. ඊට ලීක්ස්, කැරට් එකතු කරන්න.
කුකුල් මස් කැබලි සහ ග්‍රීන් පීස් ද එක් කරන්න. මැගී සුප් කැටයද එක් කරන්න. බිත්තර ද එක්කරන්න. මිනිත්තු කිහිපයක් හැඳි ගාමින් පිසෙන්නට හරින්න.
කුලු බඩු හා තක්කාලි මිශ්‍රණය ඊට එක් කරන්න. සිහින්ව පොඩිකරගත් ඉඳි ආප්පද එක් කරන්න. රස අනුව ලුණු දමන්න.
ලිපෙන් ඉවතට ගැනීමට පෙර හොඳින් මිශ්‍ර කරන්න. උණුවෙන්ම පිළිගන්වන්න
කැලරි (Kcal) 414.15
ප්‍රෝටීන් (g) 9.22
මේදය (g) 17.34
කාබෝහයිඩ්‍රේට් (g) 53.435
විටමින් A (mcg) 147.3
Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි