Sorry, you need to enable JavaScript to visit this website.

කොහිල බෝල කරිය

  • සාදාගැනීමට ගතවන කාලය : මිනිත්තු 20
  • ප්‍රමාණවත් : 4

ingredients icon අවශ්‍ය ද්‍රව්‍ය

  • තක්කාලි ග්‍රෑම් 50
  • නොමේරූ කොහිල ග්‍රෑම් 250 (කපාගත්)
  • කපාගත් සුදුළූණු ග්‍රෑම් 20
  • අමු තුනපහ තේ හැඳි 02
  • මිරිස් කුඩු තේ හැඳි ½
  • කහ කුඩු තේ හැඳි ¼
  • කඩල පිටි ග්‍රෑම් 50
  • තලාගත් ගම්මිරිස් තේ හැඳි 01, කපාගත් කරපිංචා ඉති 8-10

ingredients icon සාදාගන්නා ආකාරය

1 පියවර

තෙල් තාච්චිය රත්කරගන්න. ළූණු, සුදුළූණු, ඉඟුරු, කරපිංචා, අමුමිරිස්, කරඳමුංගු, කුරුඳු, රම්පෙ එක්කරමින් පිසගන්න.

2 පියවර

තුනපහ කුඩු, මිරිස් කුඩු, කහ කුඩු, මැගී රසමුසු එක්කරමින් මිනිත්තු 02 පිසගන්න.

3 පියවර

තක්කාලි එක්කරමින් පොඩිවන තුරු හැඳිගා ගන්න. මැගී පොල් කිරි එක්කරමින් කිරි උතුරන්නට නොදී හැඳිගාමින් මඳ ගින්නේ පිසගන්න.

4 පියවර

තීරුවලට කපා ගත් කොහිල දළු එක්කරමින් ග්‍රේවි එක තුලට කොහිල බෝල එක්කරගන්න. මඳ ගින්නේ මිනිත්තුවක් පිසගන්න. බත් සමග උණුසුම්ව පිළිගන්වන්න.

අවසන්

ingredients iconපෝෂණ තොරතුරු

දැනගෙන සිටීම වැදගත්:-

මැගී පිටිකළ පොල් කිරි සමග සකස්කරගත් කොහිල බෝල කරිය තන්තු බහුල පෝෂණීය රසවත් ආහාරයකි.

මතක තබාගන්න:-

කොහිල යනු තන්තු බහුල ආහාරයකි. ආහාර ජීර්ණ ක්‍රියාවලිය වේගවත් කිරීමට තන්තු බහුල ආහාරවලින් ලැබෙන සහයෝගය ඉතාමත් වැදගත්ය.

ශක්තිය (Kcal) 169.75

පිෂ්ඨය (g) 15.09

ප්‍රෝටීන් (g) 8.22

මේදය (g) 8.35

Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි